සිරියාවේ රසායනික අවි රටින් පිට කෙරෙයි

Image caption නෞකාව යාත්‍රා කෙරෙන්නේ රුසියානු සහ චීන නාවික හමුදා ආරක්ෂාව යටතේ

සිරියාවේ රසායනික අවි විනාශ කිරීමේ වැඩසටහනට අයත් පළමු අවි තොගය සිරියාවෙන් පිට කර තිබේ.

රසායනික අවි කන්ටේනර් නවයක් නැව් ගත කොට සිරියාවෙන් පිට කර ඇති අතර එම නෞකාව යාත්‍රා කෙරෙන්නේ රුසියානු සහ චීන නාවික හමුදා ආරක්ෂාව යටතේ.

රසායනික අවි හරණය සඳහා වූ ලෝක සංවිධානයේ ප්‍රකාශක මයිකල් ලුහන් කියා සිටියේ අතිශය භයානක ගණයට ගැනෙන අවි මෙට්‍රික් ටොන් හත් සියයක් පමණ සිරියාවෙන් පිට කැරෙන බවයි.

පසුගිය වසරේ දමස්කස් නුවර සිදු වූ රසායනික අවි ප්‍රහාරයකින් සිය ගණනක් මිය යාමෙන් පසු දැඩි වූ ජාත්‍යන්තර පීඩනය හමුවේ රසායනික අවි විනාශ කිරීම සඳහා සිරියානු ජනාධිපතිවරයාට එකඟ වීමට සිදු විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර