ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සිව් දිනක් තිස්සේ රළ හා පොර බැදීම

මුහුදු රළට හසුවූ තායිවාන ජාතික ටෙන් ලියන් ෆා දිවි ගලවා ගත්තේ දින තුනක් රළ හා පොර බැදීමෙන් අනතුරුවයි.පිහිනීමට නොදත් ටෙන් ලියන් ෆා තායිවානයේ නැගෙනහිර මුහුදේ කිලෝ මීටර් සිය ගණනක් පාවී යාමෙන් අනතුරුව වෙරළට සේන්දු වුනේ පාවෙන ලී කොටයක ආධාරයෙනි.

හුලින් නම් ගම්මානයේ කුඩා ආඳා මසුන් අල්ලමින් සිටි ටෙන් ලියන් ෆා දිවි නිවස බලා යාමට සැරසෙද්දී හදිසියේ ම සැඩ රළ පහරකට ගොදුරු විය.

ගෙවී ගිය සති කීපය තුල දී මසුන් මරන්නන් සිව් දෙනෙක් අතුරුදහන් වී ඇති අතර සෙසු මසුන් මරන්නන් පිළිබඳව තවමත් තොරතුරක් ලැබී නැත.