ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු පිළිවෙත පක්ෂග්‍රාහීයි - ආචාර්ය දයාන් ජයතිලක

  • 2014 ජනවාරි 10
Dayan Jayathilaka
Image caption ආචාර්ය දයාන් ජයතිලක

ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදු වූ ස්ථාන යැයි හඳුන්වන තැන් පිළිබඳ ව ‘ට්විටර්’ මාධ්‍ය හරහා කරුණු දැක්වීම මගින් ඇමෙරිකා එක්සත් ජනපදය රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් උල්ලංඝණය කොට ඇතැයි ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

හමුදා ෂෙල් ප්‍රහාර වලින් සිවිල් පුරවැසියන් මිය ගිය තැනක් සේ විමර්ශනයකින් තොර ව ස්ථානයක් නිශ්චිතව දැක්වීම පක්ෂග්‍රාහී ක්‍රියාවක් බවයි ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙන්නේ.

ෂෙල් ප්‍රහාර වලින් සිවිල් පුරවැසියන් මිය ගිය ස්ථානයක් සේ දැක්වීම සඳහා ‘alleged’ (කළැයි කියන) යන වචනය භාවිතා කළේ නම් පූර්ව නිගමන වලින් තොර ව තුලනාත්මක ව කරුණු දැක්වීමේ අවස්ථාවක් තිබුණ බව ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙයි.

ඇමරිකාව යුධ අපරාධ පිළිබඳ ව ඉල්ලා සිටින ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණය කිසිසේත් ම ස්වාධීන එකක් වීමට ඉඩ නැති බවයි ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේ.

‘ඉල්ලා සිටින ජාත්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව දැනටමත් ලියලා හමාරයි” යැයි ආචාර්ය ජයතිලක ප්‍රකාශ කරයි.

මාර්තු මාසයේ දී එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසම වෙත ඇමරිකානු ආණ්ඩුව ගෙන ඒමට බලාපොරොත්තු වෙන යෝජනාව පරාජය වුව හොත් ඉතා භයානක ප්‍රතිවිපාක ඇති විය හැකි බව ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුව හොත් එක් අතකින් ශ්‍රී ලංකාවේ ජනතාවට වැඩි බරක් පැටවෙන ආර්ථික තහංචි පැනවීමට ඉඩ තිබෙන අතර, අනෙක් අතින් නීතිමය තහංචි පැනවීම නිසා ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට එරෙහිව විදේශ රටවල් වලදී තීන්දු ලබා දිය හැකි බව ආචාර්ය දයාන් ජයතිලක වැඩි දුරටත් කියා සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර