තවත් ධීවරයන්ට නිදහස

Image caption නිදහස ලද ධීවරයන් සිය අඹුදරුවන්ට එක්වෙමින්.

සාගර නීතිය උල්ලංඝනය කරන ලද බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගනු ලැබ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සිරගත කර සිටි තවත් ධීවරයන් නිදහස් කර ඇති බව වාර්තා වෙයි.

පළමු ධීවර සිරකරුවන් මුදා හරිනු ලැබීමෙන් දවසකට පසුවයි, මෙම නිදහස් කිරීම් සිදු කෙරුණේ.

සාගර නීතිය කඩ කළ බව පවසමින් පෝක් සමුද්‍ර සන්ධිය දෙපස දෙ රටේ සිර ගෙවල් වල රඳවා සිටින ධීවරයන් අදියරින් අදියර මුදා හැරීමේ එකඟතාවයකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පසු ගිය දා එකඟ වුණි.

අලුත් ම වාර්තා වලින් පැවසෙන්නේ, දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ උසාවි දෙකක නියෝග අනුව ශ්‍රී ලංකාවේ ධීවරයන් හැට එක් දෙනකු නිදහස් කරන ලද බවයි.

දෙ රටේ ධීවර සිරකරුවන්ගෙන් පළමු කණ්ඩායම බ්‍රහස්පතින්දා නිදහස් කරමින් ඔවුනොවුන්ට භාර දෙනු ලැබුණේ මහා සයුර මැද දී.

තවත් දෙසීයක් පමණ ධීවර සිරකරුවෝ දෙ රටේ බන්ධනාගාර වල සිර කරනු ලැබ සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර