දිල්ලි නුවර හයදෙනෙක් සීතල නිසා මිය ගිහින්

Image copyright Reuters
Image caption සපයා තිබෙන නිවාසවල ප්‍රමාණවත් ඉඩ කඩ නැති බව පුණ්‍යායතන පවසයි

අධික සීතල හේතුවෙන් පැය විසි හතරක කාලයක් ඇතුලත නිවාස අහිමි පුද්ගලයන් හය දෙනකු මියයාම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවර ප්‍රාදේශීය බලධාරීහු නියෝග කළහ.

නිවාස අහිමි පුද්ගලයන් වෙනුවෙන් අගනුවර සපයා තිබෙන වාසස්ථාන පිරී ඉතිරී තිබෙන අතර, එවැනි නිවාසයකට මීටර කිහිපයක් සමීපයේ එළිමහන් ප්‍රදේශයයි, ඇතැම් මළසිරුරු හමුවී තිබෙන්නේ.

සීතල නොතකා බොහෝ දෙනා එළිමහනට යාමට උත්සාහ දැරීම මේ තත්වයට ප්‍රධාන හේතුව බව දිල්ලි ප්‍රාන්ත සභාවේ නාගරික සංවර්ධන කටයුතු භාර ඇමතිවරයා පැවසීය.

එහෙත් ආණ්ඩුව විසින් සපයා දී තිබෙන නිවාසවල ප්‍රමාණවත් ඉඩ කඩ නැති බවයි, ප්‍රදේශයේ පුණ්‍යායතන පවසන්නේ.