පකිස්තානයේ තවත් මරාගෙන මැරෙන ප්‍රහාරයක්

Image copyright Reuters
Image caption මිය ගිය අයගෙන් අට දෙනෙකු ම සාමාන්‍ය වැසියන්

පකිස්ථානයේ රාවල්පින්ඩි නගරයට එල්ල වූ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දාහතර දෙනෙකු මිය ගිය ගොස් ඇති බව පකිස්තානු පොලිසිය පවසයි.

නගරයේ හමුදා මූලස්ථානය ඉදිරිපිට දී මෙම බෝම්බය පුපුරවා ඇත්තේ හමුදා භට පිරිසක් ඉලක්ක කර ගනිමින්.

නමුත් මිය ගිය අයගෙන් අට දෙනෙකු ම සාමාන්‍ය වැසියන් බවයි පොලිස් වාර්තා සඳහන් කරන්නේ.

සොල්දාදුවන් විසි දෙනෙකු මරණයට පත් කළ වයඹ දිග පකිස්ථානයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් දිනකට පසුවයි රාවල්පින්ඩි නගරයට මෙම ප්‍රහාරය එල්ල වූයේ.

මෙම ප්‍රහාර දෙකෙහි ම වගකීම පකිස්තානයේ තාලිබාන් සංවිධානය භාර ගෙන තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර