ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තල්මසුන්ට තල්ලුවක්

වෙරළට පැමිණි තල්මසුන් රංචුවක් යළි දියඹට පිහිනා යාමට නොහැකිව නවසීලන්ත වෙරළේ අසරණ වී සිටිති.

මෙම තල්මසුන්ට යළි ගැඹුරු දියට පිහිනා යාම සඳහා ස්වේච්ඡා සහන සේවකයන් සියයකට අධික පිරිසකගේ සහාය ලැබී තිබේ.

නවසීලන්තයේ පුපොන්ගා දූපතේ (Puponga) වෙරළ මත තල්මසුන් හැත්තෑවක් පමණ සිරවී සිටින අතර මොවුන් මිය යාමට පෙර දියඹට දැමීමට සහන සේවකයෝ දැඩි උත්සාහයක යෙදී සිටිති.