ඉන්දීය ඇමති බිරිඳ මියගියේ පමණට වඩා ඖෂධ භාවිතයෙන්

sashi tharoor and wife
Image caption සෂිර් තරුර් සහ බිරිඳ

ඉන්දියාවේ ඉහල පෙළේ අමාත්‍යවරයකු වන ශෂී තරූර් ගේ බිරිඳගේ මරණයට හේතුව මානසික අසහනය වෙනුවෙන් ගන්නා ඖෂධ වැඩියෙන් ලබා ගැනීම බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වෛද්‍යවරුන් පවසති.

සුනන්දා පුෂ්කර් ගේ දේහය දිල්ලියේ හෝටල් කාමරයක තිබී සොයා ගනු ලැබුවේ පසුගිය සිකුරාදායි. ඇය අදාළ ඖෂධ වැඩියෙන් ලබා ගත්තේ හිතාමතා ද යන්න පැහැදිලි නැහැ.තමන් ගේ ස්වාමි පුරුෂයා පකිස්තාන මාධ්‍යවේදිනීයක් සමහ පෙම් සම්බන්ධතා පවත්වන බවට චෝදනා කරමින්, පුෂ්කර් කලින් ටුවිටර් පණිවිඩවල සඳහන් කොට තිබුනා. නමුත් ඒ ට්විටර් පණිවුඩ අනවසර ප්‍රචාර බව පසුව ඔවුන් දෙදෙනා කියා සිටියා.