ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුද පිටියක් වූ ‘කීව්’ අගනුවර

  • 2014 ජනවාරි 22

‘කීව්’ නගර මධ්‍යයේ කඳවුරු ලා සිටින විරෝධතාවාදීන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට යුක්‍රේන් පොලිසිය තැත් කිරීමත් සමඟ ගැටුම් පැතිර යමින් ඇත.

විරෝධතාවාදීන් ගල් සහ පැට්‍රල් බෝම්බ ආදියෙන් පොලිස් භටයන්ට පහර දෙද්දී ,පොලිසිය කඳුළු ගෑස් සහ මිනිසුන් තක්කු මුක්කු කිරීමේ බෝම්බ ගසමින් රබර් උණ්ඩවලින් වෙඩි තබන ලද බවයි වාර්තා වන්නේ.

ගැටුම් ආරම්භ වී තිබෙන්නේ, විරෝධතා ව්‍යාපාර වලට සීමා පැනවෙන අලුත් රෙගුලාසි බල පැවැත්වීම අද ආරම්භ වීමත් සමඟ.

යුරෝපා හවුලත් සමඟ බැඳෙන ගිවිසුමකට අත්සන් තබනු ලැබීම රුසියාවට හිතවත් යුක්රේන් ජනාධිපති ,වික්තර් යනුකොවිච් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමඟයි, මෙවර විරෝධතා රැල්ල ආරම්භ වුනේ.