ඊජිප්තුවේ කයිරෝ අගනුවර බෝම්බ ප්‍රහාර මාලාවක්

  • 24 ජනවාරි 2014
Image copyright AP
Image caption බෝම්බය පුපුරා ගිය ස්ථානයේ විශාල වලක් හෑරී තිබේ

ඊජිප්තුවේ කයිරෝ අගනුවර පොලිස් මූලස්ථානය ඉදිරිපස පුපුරා ගිය බලගතු බෝම්බයකින් සිවු දෙනකුවත් මරුමුවට පත් වූ අතර, තවත් හැත්තෑවකට වැඩි පිරිසකට තුවාල සිදු විය.

බෝම්බ ප්‍රහාරයත් සමඟම වෙඩි හඬද ඇසුණු බවත් වාර්තාවේ.

බෝම්බය පුපුරා ගිය ස්ථානයේ විශාල වලක් හෑරී ඇති බව පවසන එම ස්ථානයේ සිටින බීබීසී වාර්තාකරුවෙක්, ඒ අසල පිහිටි ඉස්ලාමීය කලා කෞතුකාගාරයට ප්‍රහාරයෙන් බරපතල හානි සිදු වී තිබෙන බවද සඳහන් කරයි.

ඉන් අනතුරුව කයිරෝ නුවර වෙනත් ස්ථාන දෙකකටත් බෝම්බ ප්‍රහාර එල්ල වූ අතර, ඩොක්කි දිස්ත්‍රික්කයේ උමං දුම්රිය ස්ථානයක හටගත් එක් පිපිරීමකින් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමේ තුන් වෙනි සංවත්සරයට දිනකට පෙරාතුවයි, අගනුවරට එම ප්‍රහාර එල්ල වූයේ.

දැනට තහනම් කොට තිබෙන මුස්ලිම් සහෝදරත්වය සංවිධානය එම ප්‍රහාර හෙලා දැක තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර