හොංකොං ඇත් දළ ටොන් තිහක් විනාශ කරයි

Image copyright AFP
Image caption හොංකොං බලධාරීන් විසින් පසුගිය ඔක්තෝබරයේ අල්ලා ගන්නා ලද ඇත් දළ තොගයක්

ජාවාරම්කරුවන් ගෙන් අල්ලා ගන්නා ලද ඇත් දළ ටොන් තිහකට වැඩි ප්‍රමාණයක් විනාශ කිරීමට සැලසුම් කරන බව හොංකොං බලධාරීහු පවසති.

තමන් අල්ලා ගත් ඇත් දළ විනාශ කරන බව චීනය, පිලිපීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය මීට කලින් නිවේදනය කළේය.

ප්‍රදේශයෙන් ජාවාරම්කරුවන් ගෙන් අත්පත් කර ගන්නා ඇත් දළ වලින් සියයට අනූවක්ම (90% ක්) ඉදිරි වසර කිහිපය ඇතුලත විනාශ කරන බවයි, බලධාරීන් කියා සිටියේ.

ඉතිරිය විද්‍යාත්මක පර්යේෂණ සහ අධ්‍යාපනික අරමුණු වෙනුවෙන් යොදා ගන්නා බවද ඔවුහු පවසති.

හොංකොං රාජ්‍යය, චීනයට නීති විරෝධී ඇත් දළ රැගෙන එන ප්‍රධාන මාර්ගයක්.

ඇත් දළ ජාවාරම වෙනුවෙන් අප්‍රිකාවේ දළ ඇතුන් විශාල වශයෙන් මරා දැමෙන් බව පවසන සත්ව හිමිකම් ක්‍රියාධරයන්, එයට එරෙහිව දැඩි පියවර ගන්නා බව ප්‍රදර්ශනය කිරීම පිණිස ඇත් දල විනාශ කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.