ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එන්න එන්නම ලොකු වෙන 'ස්නූපි දූපත'

ශාන්තිකර සාගරයේ අලුතින් මතු වී තිබෙන ගිනි කඳු සහිත දූපත ඉතා වේගයෙන් වැඩෙමින් පවතින බව පවසන ජපාන විද්‍යාඥයෝ, එය ජපානයේ සාගර ආර්ථික කලාපය තරම් විශාල වීමේ හැකියාවක් තිබෙන බවද පවසති.

සාගරය පතුලේ හට ගත විශාල පිපිරීමක් හේතුවෙන් නිර්මාණය වුනු එම දූපත පසුගිය නොවැම්බරයේ එය මතු වුනු අවස්තාවෙදීට වඩා දැන් තිස් ගුණයකින් වර්ධනය වී තිබේ.

දූපත මුලින්ම මතු වූ අවස්ථාවේ එය 'ස්නූපි' කාටුනයේ බල්ලාගේ හැඩය ගත් බැවින්, අන්තර්ජාලය භාවිත කරන්නෝ ඒ අවස්ථාවේම එය ස්නූපි දූපත යනුවෙන් නම් කළහ.

එහෙත් දූපත ඉතා වේගයෙන් වැඩීමත් සමඟම එහි හැඩයද ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී.