සමූහ දූෂණයට ලක් වූ තරුණියට 'පොලිස් ආරක්ෂාව'

Image copyright Reuters
Image caption සිදුවීම සම්බන්ධයෙන් සැක පිට දහ තුන් දෙනකු අත් අඩංගුවට ගෙන තිබේ

ගෝත්‍රික නායකයන්ගේ නියෝගය මත තමන් සමූහ දූෂණයට ලක් වූ බවට චෝදනා කරන කාන්තාවගේ පවුලේ සාමාජිකයන්ට පොලිස් ආරක්ෂාව සපයන ලද බව ඉන්දීය බලධාරීහු පවසති.

බලධාරීන් ඉහත කී තීන්දුවට එළැඹි තිබෙන්නේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ එම කාන්තාව වාසය කරන ගම්මානයේ බොහෝ දෙනා ඇය දූෂණයට ලක් වූ බවට නගන චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි.

වෙනත් කුලයකට අයත් පුරුෂයකු සමඟ තමන් පැවැත් වූ ප්‍රේම සම්බන්ධතාවයට එරෙහි වූ ගම්මානයේ වැඩිහිටියන් ඇය දූෂණය කරන මෙන් නියෝග කිරීමෙන් අනතුරුව තමන් සමූහ දූෂණයට ලක් කෙරුණු බවයි, එම තරුණ කාන්තාව පවසන්නේ.

අසල්වැසි ගමක වෙසෙන ඇගේ පෙම්වතාගේ පවුලටද ආරක්ෂාව සපයා තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් සැක පිට දහ තුන් දෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර