ඊජිප්තුව: හිටපු ජනාධිපතිට එරෙහිව තවත් නඩුවක්

Image caption සිරකරුවන් පලා ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම එක් චෝදනාවක්

ඊජිප්තුවේ හිටපු ඉස්ලාමීය ජනාධිපති මොහමඩ් මොර්සිට එරෙහි අලුත් නඩු විභාගයක් ආරම්භ විය.

2011 දී එවක ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් පහ කෙරුණු ජනතා නැගිටීම අවස්ථාවේ සිරකරුවන් විශාල පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාම සැලසුම් කළ බවට ඔහු චෝදනා ලබා සිටී.

සිරකරුවන් පලා ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමද හිටපු ජනාධිපතිවරයාට එරෙහි චෝදනා අතර වෙයි.

මොහමඩ් මොර්සිට එරෙහිව එම නඩුව ඇතුළු නඩු විභාග හතරක් පැවැත්වෙන අතර, අධිකරණ භූමියේ ශබ්දය වාරණය කළ වීදුරු කූඩුවක රඳවා තැබෙන ඔහුට කිසියම් ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය නම් විනිසුරුවරයාගේ අවසරය ලබා ගත යුතුයි.

වත්මන් ආණ්ඩුවට එරෙහිව සටන් පාඨ හඬ නඟමින් ඔහු මීට පෙර පැවති නඩු විභාගවලට බාධා කළ බව වාර්තාකරුවෝ පවසති.

තවත් විත්තිකරුවන් කිහිපදෙනකුද හිටපු ජනාධිපතිවරයා සමඟ චෝදනා ලබා සිටී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර