සිරියානු ආණ්ඩුව නිවාස කඩා බිඳ දමන බවට චෝදනා

Image copyright 2014 DIGITAL GLOBE
Image caption නිවාස කඩා බිඳ දමා ඇති අකාරය දක්වන චන්ද්‍රිකා ඡායාරූප

සිරියානු ආණ්ඩුව නීති විරෝධී අන්දමින් නිවාස දහස් ගණනක් කඩා බිඳ දමා ඇතැයි හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය කියා සිටී.

හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය විසින් පළ කොට ඇති වාර්තාවකට අනුව දමස්කස් සහ හමා නගරවල විරුද්ධ පක්ෂයට හිතවාදී පිරිස් වෙසෙන්නේ යැයි සැලකෙන ප්‍රදේශ වල නිවාස දහස් ගණනක් කඩා බිඳ දමා ඇත.

බුල්ඩෝසර් සහ පුපුරන ද්‍රව්‍ය යොදා නිවාස කඩා බිඳ දමා ඇති අකාරය චන්ද්‍රිකා ඡායාරූප උපයෝගී කර ගෙන ඉදිරිපත් කොට ඇත.

මෙම වාර්තාවෙන් හෙළිදරව් කොට පරිදි දෙදහස් දොළහේ ජුලි මස පටන් නීති විරෝධී අකාරයට නිවාස කඩා බිඳ දැමීම ක්‍රියාත්මක වී ඇත.

ආණ්ඩුව කියා සිටින්නෙ නාගරික සංවර්ධන වැඩ පිළිවෙලක් යටතේ මෙම නිවාස කඩා බිඳ දමන බවයි.හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය මෙම නිවාස කඩා බිඳ දැමීම විපක්ෂයේ ආධාරකරුවන් වෙසෙන ප්‍රදේශ වලට පමණක් සීමා වී ඇති බවයි.

අත්තනෝමතික ලෙස සිවිල් ජනතාවගේ නිවාස කඩා බිඳ දැමීම යුධ අපරාධයක් බව හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර