තායිලන්තයේ මැතිවරණ ගැටුම්

  • 2014 පෙබරවාරි 1
Image copyright AFP
Image caption තායි විපක්‍ෂයේ ක්‍රියාකාරිකයන්

තායිලන්ත මහ මැතිවරණය ආරම්භ වීමට දිනක් තිබිය දී ආණ්ඩුවේ සහ විපක්ෂයේ ආධාරකරුවන් අතර ගැටුම් පටන් ගත් බව බැංකොක් අගනුවරින් වාර්තා වෙයි.

Image copyright REUTERS
Image caption 'මැතිවරණය වර්ජනය කරනු'

බැංකොක් නගරයේ සිටින බීබීසී වාර්තා කරුවෙක් පවසන්නේ, කාර්ය බහුල නගර මංසන්ධියක් සහ සාප්පු සංකීර්ණයක් යුද පිටියක සිරිය ගත් බවයි.

ගැටුම සිදු වෙද්දී මහජනයා සහ වාර්තාකරුවන් ඉවත දිව ගිය බවයි ඔහු පවසන්නේ.

වෙඩි තැබීම් සහ පිපිරීම් නිසා කීප දෙනකු තුවාල ලද බවත් , වාර්තා මගින් පැවසෙයි.

මෙම මහ මැතිවරණය වර්ජනය කරන තායිලන්ත විපක්‍ෂ ක්‍රියාකාරිකයන් යත්න දරමින් සිටින්නේ, ඡන්ද පත්‍රිකා බෙදා හරිනු ලැබීම අඩාළ කර දැමීමටයි.

බලයේ සිටින තායිලන්ත ආණ්ඩුව දූෂිත වූවකැයි පවසන විපක්‍ෂය එය පලවා හැරිය යුතු බවයි, කියා සිටින්නේ.

බැංකොක් අගනුවර බොහෝ කලාපයන්හි මෙන් ම ආණ්ඩු පක්ෂයට මහජන ප්‍රසාදය අඩු දකුණු තායිලන්තයේත්, උතුරු හා නැගෙනහිර පළාත්හි වඩාත් ග්‍රාමීය වූ බල ප්‍රදේශයන්හිත්

ඉහත කී මැතිවරණ ගැටුම් පැතිර යමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර