ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘ඔත්තු කාර’ ඇමරිකන් බල්ලා තාලිබාන් හිරේ

ඇමරිකා එක්සත් ජනපද සේනාංක සමග නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ සිටි සුනඛයකු අත් අඩංගුවට ගන්නා ලද බව තාලිබාන් වරු පවසති.

ට්විටර් වෙබ් අඩවියේ පළ කර තිබූ ඡායාරූපයක දැක්වෙන්නේ කළු සන්නාහයක් ඇන්ද වූ දුඹුරු පාට කුඩා බල්ලෙක්.

තාලිබාන් වරුන් පවසන්නේ, දෙසැම්බරයේ රාත්‍රියක සිදු කළ වැටලීමක දී අත් අඩංගුවට ගන්නා ලද ‘කර්නල්’ නම් බල්ලාට විදුලි පන්දමක්, කුඩා කැමරාවක්, සහ චන්ද්‍රිකා ස්ථාන ගත කිරීමේ ජංගම උපකරණයක් පළඳවා සිටි බවයි.

ඇමරිකානු විශේෂ බලකාය විසින් නිතර පාවිච්චි කරන වර්ගයේ අවි ආයුධ ද තාලිබාන් වරුන් විසින් ප්‍රදර්ශනය කැරුනි.

බීබීසී වාර්තාකාර ඩේවිඩ් ලොයින් පවසන්නේ යුද සිරකරුවකු සේ දිස්වන බල්ලකු සමග ජ්‍යෙෂ්ට තාලිබාන් ආඥාපතියකු පළාතේ සැරිසරන බවට තොරතුරු මෑත සති කීපයේ දී දැන ගන්න ට ලැබුණු බවයි.