ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඕස්ට්‍රේලියාවේ හමුදාව 'අනාථයන් පලවා හරිනවා'

  • 2014 පෙබරවාරි 7

ජීවිතාරක්ෂක බෝට්ටුවක සිටින දේශපාලන රැකවරණ පතන්නන් සේ සැලකෙන පිරිසක් ඕස්ට්‍රේලියාවේ නාවික හමුදා යාත්‍රාවක් මගින් ඇද ගෙන යන ආකාරය බව සැලකෙන වීඩියෝ පටයක් ප්‍රකාශයට පත් වී තිබේ.

එය සනාථ වුවහොත්, ඉන්දුනීසියාවේ සිට සිය රටට ලඟා වීමට උත්සාහ දරන දේශපාලන අනාථයන් යලි හරවා යැවීම පිණිස, ඕස්ට්‍රේලියාව මතභේදයට තුඩු දී තිබෙන නව ප්‍රතිපත්තියක් අනුගමණය කරන බවයි එයින් ඇඟවෙන්නේ.

ඒබීසී නාලිකාවට ලැබී තිබෙන එම වීඩියෝව ප්‍රකාශයට්‍ය පත් කෙරුණේ නීති විරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අවසාන වරට ඕස්ට්‍රේලියාවට ලඟා වූයේ මීට දින පණහකට ඉහතදී බව අගමැති ටෝනි ඇබට් ප්‍රකාශයට පත් කළ දිනයේ.

සිය නාවික හමුදාව අනාථයන් යලි හරවා යවන්නේද යන්න සනාථ කිරීම ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුව මේ දක්වා ප්‍රතික්ෂේප කරයි.