“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව අනතුරක” - වුල්ෆ් සාමි

Image copyright AFP
Image caption හැරී වුල්ෆ් සාමි

ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉදිරිපත්ව ඇති මතභේදයට තුඩු දුන් නව සැලැස්මක් සෙනසුරාදා සිංගපූර්හිදී සාකච්ඡාවට ගනු ලැබීමට නියමිතයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය තුල ඉන්දියාවේ,එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලවල බලය ශක්තිමත් කෙරෙන නව සැලැස්මට ක්‍රිකට් ක්‍රීඩා කරන සමහර රටවල් දැනටමත් විරෝධය පළ කර ඇත.

එංගලන්තයේ සහ වේල්සයේ හිටපු අගවිනිසුරුවරයකු වන වුල්ෆ් සාමිවරයා යෝජිත සැලසුම් විග්‍රහ කරන්නේ ඉහත කී රටවල් ත්‍රිත්වයේ ක්‍රිකට් බලධාරීන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලය අල්ලා ගනු ලැබීමේ සැලැස්මක් හැටියටයි.

බල ත්‍රිත්වයක්

“චීනය ,රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් තිදෙනා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ බලය අත්පත් කර ගනිමින් සමස්ත ලෝකය පාලනය කිරීමට කටයුතු කරන ආකාරය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව උත්සාහය සමාන ක්‍රියාවලියක් වන බවයි”, වුල්ෆ් සාමිවරයා පෙන්වා දෙන්නේ.

Image copyright AFP
Image caption යෝජිත සැලැස්මට පාකිස්තාන් ක්‍රිකට් ලෝලීන්ගේ විරෝධය

එම නව සැලැස්ම යටතේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ඉහත කී රටවල් තුන අතට පත් වීමේ තත්වයක් උදාවෙන බවට වුල්ෆ් සාමිවරයා බිය පළ කරයි.

එංගලන්තයේ සහ වේල්සයේ හිටපු අගවිනිසුරුවරයකු වන වුල්ෆ් සාමිවරයා ක්‍රිකට් ක්‍රීඩා විධි විධාන සම්බන්ධයෙන් මැදිහත් වූ ඉතිහාසයක් සහිත නීති විශාරදයෙකි . ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය 2011 දී එහි පරිපාලන ව්‍යුහය ,ජාත්‍යන්තර තරඟ සහ මූල්‍ය ව්‍යුහයට අදාළ නීතිමය ප්‍රතිපාදනය සඳහා පියවර ගැනීමේ අධීක්ෂණ කාර්යය පැවරුවේ වුල්ෆ් සාමිවරයාට යයි ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක චන්නක ද සිල්වා පවසයි.

මූල්‍ය අරමුණු

ඉහත කී රටවල් ත්‍රිත්වය විසින් ගෙනෙනු ලබන නව සැලැස්ම අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයට ලැබෙන ආදායමින් වැඩි කොටස එම පාලක මණ්ඩල තුන අතර බෙදී යාමක් ද සිදු වෙන බවයි බොහෝ සාමාජික රටවල් පෙන්වා දෙන්නේ.

ඉන්දියාවේ ඕස්ට්‍රේලියාවේ හා එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩල විසින් ICC යේ බලය පැහැර ගැනීමට දරන උත්සාහය සම්බන්ධයෙන් ඉන්දියාවේ ,එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ආණ්ඩු කනගාටු විය යුතුව ඇති බවත් වුල්ෆ් සාමිවරයා කියා සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර