ලිංගික අතවර චෝදනා ලැබූ ඇමති ඉල්ලා අස් වෙයි

Image copyright BBC Urdu
Image caption නාරි වේද වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමට තැත් කළ බවට ඇමතිවරයාට චෝදනා

වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා ලබා සිටි ඉන්දීය පාලිත කාශ්මීරයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පදවියෙන් ඉල්ලා අස් විය.

නාරි වේද විශේෂඥ වෛද්‍යවරියක සිය කාර්යාලයට කැඳ වූ ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය ශබීර් අහමඩ් ඛාන්, ඇයට ලිංගික අතවර කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල විය.

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ බලධාරීන් සම්බන්ධයෙන් මතු වුන අලුත්ම ආන්දෝලනය එයයි.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් දෙදෙනකුට ද මේ වසර මුලදී ලිංගික අතවර කිරීමේ චෝදනා නැගිණ.

2012 දී වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක් කොට මරා දැමීමෙන් අනතුරුව ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම ඉන්දියාවේ ප්‍රධාන අවධානයට ලක්ව තිබෙන මාතෘකාවක්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර