දියණියට ලිංගික අතවර කළේ නෑ -වුඩී ඇලන්

  • 8 පෙබරවාරි 2014
'පලි ගැනීම සඳහා දියණිය ‘ඉත්තෙකු’ කර ගෙන'

තමා විසින් දරු කමට හදා වඩා ගන්නා ලද දියණියට ලිංගික අතවර කළ බවට එල්ල වී ඇති චෝදනා, ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ වුඩී ඇලන් යළිත් වරක් ප්‍රතික්‍ෂේප කර තිබේ.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතට ලිපියක් ලියමින් වුඩී ඇලන් කියා සිටින්නේ ඔහුගේ හිටපු සහකාරිය වන මියා ෆරෝ විසින් සිය දියණිය තමාට එරෙහිව මෙහෙයවා ඇති බවයි.

හත් හැවිරිදි වියේ සිටිය දී සිය පියා තමන්ට ලිංගික අතවර කළ බව වුඩී ඇලන් දරුකමට හදා ගත් දියණිය වන ඩිලන් ෆරෝ පසුගිය සතියේ දී ප්‍රකාශ කර තිබුණි.

නමුත් හැත්තෑ අට හැවිරිදි ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ වූඩි ඇලන් කියා සිටින්නේ තමන්ගෙන් පලි ගැනීම සඳහා හිටපු සහකාරිය සිය දියණිය ‘ඉත්තෙකු’ කර ගෙන ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර