තවත් රසායනික අවි තොගයක් සිරියාවෙන් පිට කෙරේ

Image copyright Reuters
Image caption රසායනික අවි විනාශ කිරීම සඳහා වන ජාත්‍යන්තර නියෝජිතයන්

සිරියාවේ තිබෙන රසායනික අවි විනාශ කිරීම සඳහා වන ජාත්‍යන්තර නියෝජිතයන් කියා සිටියේ තුන් වැනි රසායනික අවි තොගය සිරියාවෙන් පිට කළ බවයි.

නෝර්වීජියානු නැවක පැටවූ මෙම අවි තොගය රැගෙන ගොස් ඇත්තේ චීන සහ රුසියානු නාවික ආරක්ෂාව යටතේ.

මෙම රසායනික අවි තොගය මුහුදේදී විනාශ කර දැමීමට නියමිතයි.

පසුගිය මාසයේදී ඇරඹුණු මෙම මෙහෙයුම ලබන ජූලි මාසයේදී නිමා විය යුතු නමුත් මේ දක්වා විනාශ කර ඇත්තේ සිරියාව සතු රසායනික අවිවලින් ඉතා සුළු කොටසක් පමණයි.

මේ අතරතුර සිරියානු සාම සාකච්ඡාවල දෙවන වටය ජිනීවා හිදී ඇරඹුණි.

සතියකට ඉහතදී පැවති පළමු වටයේ සාකච්ඡා කිසිදු ප්‍රගතියක් නොලබා නිමා වූ බවයි වාර්තා වූයේ.

පසු ගිය දින තුන ඇතුළත පැවති සටන් විරාමයේදී හොම්ස් නුවර කොටු වී සිටි සාමාන්‍ය වැසියන් සිය ගණනක් මුදවා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකි විය.