දිල්ලි මහ ඇමතිගෙන් ඇමතිවරුන්ට දූෂණ චෝදනා

Image copyright Reuters
Image caption අරවින්ද් කෙජ්රිවාල් දූෂණයට එරෙහි සිය ව්‍යාපාරය පුළුල් කරමින් සිටින හැඩක්

ඉන්දියාවේ ගෑස් මිල සම්බන්ධයෙන් රටේ ඉහලම ධනවතා සහ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිප දෙනකුට විරුද්ධව පරීක්ෂණ පවත්වන මෙන් දිල්ලි ප්‍රාන්තයේ මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ඉල්ලා සිටියේය.

ඛනිජ තෙල් කටයුතු සහ ගෑස් සම්බන්ධ අමාත්‍යවරුන් සමඟ එක් වී ගෙවිය යුතු මුදලට වඩා දෙගුණයක් පාරිභෝගිකයන්ගෙන් අය කරන බවට මහ ඇමතිවරයා රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ සභාපති මුකේෂ් අම්බානිට චෝදනා කළේය.

එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ඛනිජ තෙල් කටයුතු භාර අමාත්‍ය වීරප්පා මොයිලි ඉඟි කළේ, මහ ඇමතිවරයා දේශපාලනයට ආධුනිකයකු බවයි.

"ආණ්ඩුවක කටයුතු සිද්ද වෙන්නේ කොහොමද, මේවා කරන්නේ කොහොමද කියල ඔහු දැන ගත යුතුයි. මම හිතන්නේ විශේෂඥ උඅප්දෙස් නැතිව මේ කිසි දෙයක් කරන්න බෑ," යනුවෙන්ද ඔහු පැවසීය.

ඉන්දියාවේ ඉහල පැලැන්තියට එරෙහිව පවා දූෂණ වංචා චෝදනා එල්ල කරමින් අරවින්ද් කෙජ්රිවාල් දූෂණයට එරෙහි සිය ව්‍යාපාරය පුළුල් කරමින් සිටින හැඩක් දක්නට ලැබෙන බවයි, වාර්තාකරුවන් පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර