ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තායි උද්ඝෝෂකයෝ පොලිසිය සමඟ ගැටෙති

තායිලන්තයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුමකින් හතර දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා විය.

උද්ඝෝෂකයන් අත් පත් කර ගෙන සිටින අමාත්‍යංශ ගොඩනැගිලි මුදවා ගැනීමට යාමේ දී කැරලි මර්දන පොලිසියට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවයි බැංකොක් නුවර පොලිසියේ මේජර් ජෙනරාල් අදුල් නරෝන්සාක් බීබීසීයට කියා සිටියේ.

ස්වයංක්‍රීය තුවක්කු යොදා ගනිමින් පොලිසිය ප්‍රති ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

උද්ඝෝෂකයන් ඇතැම් ගොඩනැගිලි අත් පත් කර ගෙන සිටින්නේ පසුගිය වසර අවසානයේ සිටයි.