“නෝ ෆයර් සෝන්" ඉන්දියාවේ තහනම්

  • 22 පෙබරවාරි 2014
කැලම් මැක්රේ ශ්‍රී ලංකා සංචාරයකදී

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන දවස් ආවරණය කරමින් නිපදවුණු “නෝ ෆයර් සෝන් - ද කිලින්ග් ෆීල්ඩ් ” චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සඳහා ඉන්දියාව විසින් අවසර දෙනු නොලැබීම සම්බන්ධයෙන් අදහස් දක්වන චිත්‍රපටයේ අධ්‍යක්ෂක කැලම් මැක්රේ ගේ නියෝජිතයෝ එය අන්තර් ජාලය ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසන බව පවසති.

එය ඉන්දියාවේ සිනමා හල් වල ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය සහතිකයක් නිකුත් කරනු ලැබීම ඉන්දියානු බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි, සමස්ථ චිත්‍රපටය ම ඉන්දියාවේ සහ මැලේසියාවේ ප්‍රේක්ෂකයන්ට නැරඹිය හැකි පරිදි එය අන්තර් ජාලයේ ප්‍රදර්ශනය කිරීමට තීරණය කොට ඇත්තේ.

ඉන්දියාවේ බලධාරීන් “නෝ ෆයර් සෝන් - ද කිලින්ග් ෆීල්ඩ් ” චිත්‍රපටය සඳහා ප්‍රදර්ශණ තහනමක් පනවා ඇත්තේ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සබඳතා පළුදු වීමට ඇති ඉඩ කඩ සැලකිල්ලට ගනිමින් යැයි එහි අධ්‍යක්ෂක කැලම් මැක්රේ බීබීසියට පැවසුවේය.

මේ චිත්‍රපටයට ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් දින එකසිය තිස් අටේ දී සිදුවිනැයි පැවසෙන සිදුවීම් වල දර්ශණ ඇතුලත් වී ඇත.

“නෝ ෆයර් සෝන් - ද කිලින්ග් ෆීල්ඩ් ” ශ්‍රී ලංකාවේ ද ප්‍රදර්ශණය කිරීම තහනම් වාර්තා චිත්‍රපටයකි.

එසේ වුවද එය ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ප්‍රේක්‍ෂකයන්ට ද නැරඹීමට අවශ්‍ය පියවර ගැනීමට අධ්‍යක්ෂක මැක්රේ පියවර ගනිමින් සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර