බංග්ලාදේශයේ සිරකරුවෝ පලා යති

Image copyright focusbangla
Image caption පලා ගිය දෙදෙනෙක් ජමයිතුල් මුජහිඩීන් සංවිධානයේ සාමාජිකයන්

බෝම්බ ප්‍රහාර මාලාවකට සම්බන්ධ වීමේ චෝදනාවලට වැරදිකරුවන් වූ සිරකරුවන් තිදෙනකු බන්ධනාගාර රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී එයින් පලාගොස් තිබේ.

ප්‍රහාරකයන් පිරිසක් බන්ධනාගාර රථයට බෝම්බ ප්‍රහාර එල්ල කොට වෙඩි තැබූ අවස්ථාවේ පොලිස් නිලධාරියකු මරුමුවට පත් වූ අතර, තවත් දෙදෙනකුට තුවාල සිදු විය.

ඉන් අනතුරුව ප්‍රහාරකයෝ සිරකරුවන් තිදෙනාද රැගෙන පලා ගියහ.

එයින් දෙදෙනෙක් දැනට තහනම් කොට තිබෙන ජමයිතුල් මුජහිඩීන් සංවිධානයේ සාමාජිකයන්.

විසි අට දෙනකුටවත් මරු කැඳවමින් 2005 දී බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් කෙරිණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර