ඉන්දීය නගරයක කොටි භීතියක්

Image copyright HINDUSTAN TIMES
Image caption නගරයේ රෝහලකටත්, සිනමා ශාලාවකටත්, මහල් නිවාසයකටත් කඩා වැදුණු කොටියා

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නගරයකට කොටියෙකු කඩා වැදීම නිසා ප්‍රදේශවාසීහු භීතියට පත් වී සිටිති.

ආරක්‍ෂිත පියවරක් ලෙස ප්‍රදේශය පුරා පාසල් සහ වෙළඳ සැල් වසා දමා ඇති අතර කොටියා අල්ලා ගැනීම සඳහා විශාල පොලිස් භට පිරිසක් සහ වන ජීවී විශේෂඥයන් යොදවා තිබේ.

දිල්ලි නුවරින් සැතපුම් දෙකක් පමණ දුරින් පිහිටි මීරුත් නගරයේ රෝහලකටත්, සිනමා ශාලාවකටත්, මහල් නිවාසයකටත් මෙම කොටියා කඩා වැදුණු බවයි වාර්තා වන්නේ.

රෝහලේ කාමරයකට ඇතුළු වූ අවස්ථාවේ දී දොරගුළු දමා සිර කර ගැනීමට හැකි වී ඇති නමුත් ටික වේලාවකින් ජනේලයක් බිඳ ගෙන කොටියා පලා ගොස් තිබේ.

ඉන්දියාවේ වනාන්තරවල කොටියන් සහ ව්‍යාඝ්‍රයන් දස දහසක් පමණ සිටින බවට දළ වශයෙන් ඇස්තමේන්තු කරන ලද සංඛ්‍යා ලේඛන සඳහන් කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර