රුසියානු ආධාර කරුවෝ ක්‍රිමියාව අල්ලා ගනිති

  • 27 පෙබරවාරි 2014
Image copyright Reuters
Image caption රුසියාවේ හිතවතුන්

යුක්‍රේනයේ ‘සිම්පරාපෝල්’ නගරයේ ක්‍රියාත්මක වෙන අර්ධ ස්වයංපාලන බලතල සහිත ක්‍රිමියානු ආණ්ඩුව පූර්ණ ස්වයංපාලනයක් කරා යාමේ ජනමත විචාරණයක් කැඳවන මෙන් ඉල්ලීමක් කරයි.

එම කලාපයේ මේ වන විට අවි ගැටුමක අනතුරක් වැඩෙමින් පවතිද්දීයි, එම පියවර ගනු ලැබුණේ.

රුසියාවට හිතවත් තුවක්කු කරුවන් ‘සිම්පරාපෝල්’ නගරයේ පාර්ලිමේන්තුව සහ ආණ්ඩුවේ වෙනත් ගොඩනැගිලි අල්ලා ගෙන සිටින අතර නගරයේ රැස් වී සිටින ජනතාව ක්‍රිමියාවට පූර්ණ දේශපාලන බලය අත්පත් කර ගැනීමේ පියවර පෙරට ගෙන යමිනුයි සිටින්නේ.

කළු මුහුදේ යුද සරඹ

Image copyright AFP

මේ අතර රුසියාව යුක්‍රේන් දේශ සීමාවේ යුද සරඹ ආරම්භ කර ඇති බවක් ද වාර්තා වෙයි.

යුක්‍රේනයේ තාවකාලික ජනාධිපති අලෙක්සන්දර් ටර්චිනොෆ් කියා සිටියේ තම භූමියට අයත් ක්‍රිමියාවේ නාවික කඳවුර අවට සිදු කෙරෙන රුසියානු හමුදාවල ඕනෑම මැදිහත් වීමක් ආක්‍රමණකාරී ක්‍රියා මාර්ගයක් ලෙස සලකන බවයි.

යුක්‍රේන් තාවකාලික ආණ්ඩුවේ අගමැතිවරයා හැටියට පත් කරනු ලැබ සිටින විපක්ෂ නායක අර්සේනිය් යත්සෙන්යුක් ‘කීව්’ පාර්ලිමේන්තුව අමතමින්, ක්‍රිමියාව දිගටම යුක්‍රේනයේ කොටසක් හැටියට පවතින බවයි සඳහන් කළේ.

යනුකොවිච්ට රැකවරණ

එහෙත් යුක්‍රේනයට රුසියාවත් සමඟ යුද්ධයකට යාමේ උවමානාවක් නැති බවත් අර්සේනිය් යත්සෙන්යුක් පවසයි.

යුක්‍රේනයේ බලයෙන් පහ කෙරුණ ජනාධිපති වික්තර් යනුකොවිච් ඔහුට රැකවරණ සලසන මෙන් කල ඉල්ලීමක් පිළිගත් බවයි මේ අතර රුසියාවේ නිලධාරියෙක් ප්‍රකාශ කළේ.

වික්තර් යනුකොවිච් පවසන්නේ, තමා තවමත් යුක්‍රේනයේ නීත්‍යානුකූල ජනාධිපති වරයා වන බවයි

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර