සහරා අධිපතිට උසාවි භූමියේදී තීන්ත ප්‍රහාරයක්

  • 4 මාර්තු 2014
Image copyright AP

මුදල් වංචා සිදු කළ බවට චෝදනා එල්ල වී සිටි ඉන්දියාවේ ඉහළම ව්‍යාපාරිකයා වන සුබ්රාතා රෝයි සිරගත කර තිබේ.

ඔහු සතු සහරා සමාගම කුඩා පරිමාන ආයෝජකයන්ගෙන් නීති විරෝධී ලෙස ඩොලර් බිලියන ගණනක් එකතු කර ඇති බවට චෝදනා එල්ල විය.

සුබ්රාතා රෝයි එම චෝදනා ප්‍රතික්‍ෂේප කරන අතර මේ පිළිබඳව නඩු විභාගයක් පැවැත්වෙයි.

මෙම නඩු විභාගය සඳහා පැමිණෙද්දී එක් පුද්ගලයෙක් සුබ්රාතා රෝයි ගේ සිරුරට තීන්ත විසි කළ බවයි දිල්ලියේ සිට නිතින් ශ්‍රිවාස්තාවා වාර්තා කළේ.

දශ ලක්ෂයකට අධික පිරිසක් මොහු ගේ සමාගම්වල සේවය කරන අතර ඉන්දියාවේ බලවත් දේශපාලනඥයන්ගේ සමීප මිතුරෙකු ලෙස සැලකෙයි.