ඇෆ්ගනිස්තානයේ උප ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

Image caption තාලිබාන් පාලනය බිඳ වැටීමෙන් පසු මොහමඩ් ඛාසීම් ෆාහිම්ට ඇමරිකානු සහාය ලැබුණි

ඇෆ්ගනිස්තානයේ උප ජනාධිපති මාෂල් මොහමඩ් ඛාසීම් ෆාහිම් අභාවප්‍රාප්ත වෙයි. ඔහු මිය යන විට පනස් හත් වැනි වියේ පසු විය.

හිටපු හමුදා අණදෙන නිලධාරියකු වූ මොහු තාලිබාන් පාලනය බිඳ වැටීමෙන් පසුව ඇෆ්ගන් ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කළේය.

ඔහු උප ජනාධිපතිවරයා ලෙස පත් වූයේ වසර 2009 දී.

කෲර හමුදා නිලධාරියෙකු ලෙස චෝදනා ලබා සිටි නමුත් තාලිබාන් පාලනය බිඳ වැටීමෙන් පසු රට ස්ථාවර කර ගැනීම සඳහා මොහමඩ් ඛාසීම් ෆාහිම් ට ඇමරිකානු සහාය ලැබුණි.

මිය ගිය උප ජනාධිපතිවරයාට ගෞරව දැක වූ ඇෆ්ගන් ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය සයීඩ් රහීන් කියා සිටියේ අවංක කැපවීමකින් කටයුතු කළ ඇෆ්ගන් පුත්‍රයෙකු රටට අහිමි වූ බවයි.

ඇෆ්ගන් රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර මේ කාලය ඇතුළත ජාතික ධජය අඩ කුඹු කර තැබෙනු ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර