බෝම්බ ප්‍රහාරයකින් ඉරාකයේ තිහක් මරුට

Image copyright Reuters
Image caption ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාර ගෙන නැත

ඉරාකයේ දකුණු දිග බැග්ඩෑඩයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තිස් දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් ඇති බව ඉරාක බලධාරීහු පවසති.

මිය ගිය අය අතර ළමුන්, කාන්තාවන් සහ ආරක්ෂක භටයන්ද සිටින බවයි වාර්තා වන්නේ.

පුපුරන ද්‍රව්‍ය පටවා ගත් කුඩා බස් රථයක් පොලිස් මුර පොළකට කඩා වැදුණු බවයි පොලිසිය කියා සිටියේ.

අවට තිබූ මෝටර් රථවලට ද ගිනි ඇවිළී ඇති අතර ඇතැම් අය එම රථ තුළම මිය ගොස් තිබේ.

මෙම බෝම්බ ප්‍රහාරයට ගොදුරු වී එකසිය පනස් දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඉරාකයේ මහ මැතිවරණය ලබන මාසයේදී පැවැත් වීමට නියමිතව තිබියදීයි මෙම බෝම්බ ප්‍රහාරය සිදු වූයේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාර ගෙන නැති නමුත් ශියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් සුන්නි අන්තවාදීහු නිරන්තරයෙන් බෝම්බ ප්‍රහාර එල්ල කරති.

Image caption මිය ගිය අය අතර ළමුන් සහ කාන්තාවන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර