කුෂ්වාන්ත් සිං-දැවැන්තයෙකුගේ නික්මයාම

 කුෂ්වාන්ත් සිං Image copyright AFP
Image caption කුෂ්වාන්ත් සිං

සුප්‍රකට ඉන්දිය කතුවර කුෂ්වාන්ත් සිං ජීවිතයෙන් සමු ගෙන ඇත.

මිය යන විට අනූ නව හැවිරිදි වියේ පසු වුන කුෂ්වාන්ත් සිං හාස්‍යය සහ උත්ප්‍රාසය දනවන ආකාරයට සමාජ ගැටළු විමසුමට ලක් කරමින් රචිත පුවත් පත් තීරු ලිපි ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් අතරේ අතිශයින් ජනප්‍රිය විය.

කුෂ්වාන්ත් සිං මිය යන තුරුම ලිවීමේ නිරත විය.

ෂික් ජාතිකයෙක් වූ සිං උපත ලද්දේ දැනට පකිස්තානය අයත් වන ප්‍රදේශයේ.

ඒ වන විට ඉන්දියාවත් පකිස්තානයත් බෙදා වෙන් කොට නොතිබුණි.

ඉන්දියාවත් පකිස්තානයත් බෙදා වෙන් කිරීමේ දී හට ගත් හින්දු-මුස්ලිම් වාර්ගික ගැටුම් කුෂ්වාන්ත් සිංගේ වඩාත් ප්‍රකට කෘතිය සේ සැලකෙන ‘අන්තිම දුම්රියට’ පාදක විය.

ඉන්දීය ආණ්ඩුව අම්රිත්සාර්හි පිහිටි ෂික් වරුන්ගේ රන් දෙවොලේ රැස්ව සිටි සන්නද්ධ පිරිස් වලට 1984 දී එල්ල කල ප්‍රහාරයට විරෝධය පළ කළ කුෂ්වාන්ත් සිං,ගරු කිරීමක් වශයෙන් තමන් වෙත ඉන් පෙර පිරිනමා තිබුණ ඉන්දීය පුරවැසි සම්මානය ආපසු හරවා යැවීමට පියවර ගත්තේය.