තායිලන්ත විපක්‍ෂය යළිත් වීදියේ

Image copyright Reuters

තායිලන්ත ආණ්ඩුවට එරෙහි දස දහස් සංඛ්‍යාත උද්ඝෝෂකයෝ බැංකොක් අගනුවර වීදි ඔස්සේ පෙළපාලියෙන් ගමන් ගත්හ.

එම විරෝධතා පාගමන සංවිධානය කර තිබෙන්නේ අගමැතිනි යින්ග්ලුක් සිනවත් පදවියෙන් නෙරපා හැරීමේ තවත් උත්සාහයක් වශයෙන්.

අගනුවර ප්‍රධාන උයනකින් ගමන් ආරම්භ කළ පෙළපාලිකරුවෝ වීදි කීපයක් ඔස්සේ පෙරට ඇදී ගියේ අතින් ගත් තායිලන්ත කොඩි ප්‍රදර්ශනය කරමින්.

එම විරෝධතා පාගමන සිදු කෙරුණේ තායිලන්ත පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ ඡන්දයට දවසක් තිබියදී.

පසුගිය පෙබරවාරි මාසයේ පැවැත්වුන තායිලන්ත මහමැතිවරණය නීත්‍යනුකූල නොවන බව එරට උසාවියක් විසින් මේ මාසය මුලදී තීන්දු කළ අතර ඉන් අනතුරුව දියත් කෙරුණ දැවැන්තම මහජන විරෝධතා ව්‍යාපාරයයි අද සෙනසුරාදා දක්නට ලැබුණේ.

පසුගිය තායිලන්ත මහමැතිවරණය ප්‍රධාන විපක්ෂය විසින් වර්ජනය කරනු ලැබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර