අදහස් ප්‍රකාශනයට අන්තර්ජාලය ආරක්ෂා සහිතද?

Image copyright bbc
Image caption 'අන්තර්ජාලයේ පවතින නිදහස සමඟ ඔත්තු බැලීම් අත්වැල් බැඳ ගෙන'

අන්තර්ජාලය නිසා වැඩි නිදහසක් ලෝකවාසීන්ට ලැබී ඇති නමුත් නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමට එය ආරක්‍ෂිත තැනක් නොවන බව ගෝලීය සමීක්ෂණයකට සහභාගී වූ පිරිසෙන් අඩකටත් වැඩි පිරිසක් පවසති.

ලොව පුරා අන්තර්ජාලය භාවිතා කරන රටවල් දාහතක මෙම සමීක්ෂණය සිදු කරන ලද්දේ බීබීසී ලෝක සේවය විසිනි.

Image copyright PA
Image caption අන්තර්ජාලය තුළ තම ආරක්ෂාව ගැන බහුතරයකගේ සැකය

අන්තර්ජාලයේ පවතින නිදහස සමඟ ආණ්ඩු බලධාරීන්ගේ ඔත්තු බැලීම් අත්වැල් බැඳ ගෙන ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරන බවයි මෙම සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ.

නිදහස් මාධ්‍ය සම්ප්‍රදායක් පවතින රටවල ජනතාවගෙන් බහුතරය තම ජාතික මාධ්‍යයන්ට සත්‍යවාදීව සහ අපක්‍ෂපාතීව වාර්තාකරණයේ යෙදීමට නිදහසක් ඇති බව පිලි නොගන්නා බව ද සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි.

වැඩි නිදහසක් ඇතැයි බොහෝ දෙනා සිතන රටවල ජනතාවගෙන් බහුතරය අන්තර් ජාලය තුළ තම ආරක්ෂාව ගැන සැක පහළ කර ඇති බවයි බීබීසී සමීක්ෂණ වාර්තාව සඳහන් කරන්නේ.