ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චිලී රටට සුනාමියක්

  • 2014 අප්‍රේල් 2

කුඩා ත්සුනමි රළ පහරක් රැගෙන ආ අංශක 8.2 ක ප්‍රබල භූ චලනයක් හේතුවෙන් වෙරළාසන්න ප්‍රදේශවල වෙසෙන දස දහස් ගණනක් වූ චිලී ජාතිකයන් හට තම නිවෙස් අත හැර යාමට සිදුවිය.

බලධාරීන් පවසන ආකාරයට මෙම භූ චලනය සිදුවූ ප්‍රදේශයට කිට්ටුවෙන්ම ඇති කුයිකුඑ නගරයේ දී පස් දෙනෙකු මියගොස් ඇත.

නාය යාම් හේතුවෙන් ඇතැම් මාර්ග අවහිර වී ඇති අතර විදුලි විසන්දි වීම් ගණනාවක් ද වාර්තා වී තිබේ.

ජනාධිපති මිචෙල් බචේලෙට් විසින් රටේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කොට ඇති අතර එම ප්‍රදේශයට අමතර හමුදා කණ්ඩායම් ද පිටත් කිරීමට කටයුතු කර ඇත.

රටේ දකුණු ප්‍රදේශයේ ත්සුනමි අවදානම පිලිබඳ සඥාව ඉවත් කර ඇති අතර උතුරු ප්‍රදේශයේ එය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.