'ගෘහ සේවිකාවට අභය දානය'

  • 2014 අප්‍රේල් 4
Image copyright AFP
Image caption මරණ දණ්ඩනයට නියම වී සිටින සතීනා

සෞදි අරාබියේ නිවසක සේවයේ යෙදී සිටියදී තම ස්වාමි දුව ඝාතනය කළ බවට චෝදනා ලබා මරණ දණ්ඩනයට නියම වී සිටින ඉන්දුනීසියානු කාන්තාව බේරා ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබා දීමට ඉන්දුනීසියානු රජය එකඟත්වය පළ කර ඇත.

ඝාතනයට ලක් වූ කාන්තාව වෙනුවෙන් වන්දි මුදල් ගෙවා ඇය මරණ දණ්ඩනයෙන් නිදහස් කර ගැනීමට සිය ඥාතීන් ඉදිරිපත් වූ අතර මරණ දණ්ඩනය ලබා දෙන දිනය ලංවන තුරුත් සම්පුර්ණ මුදල වූ ඩොලර් මිලියන දෙකක් පමණ එකතු කර ගැනීමට ඔවුනට නොහැකි විය.

අනතුරුව මෙම ඉතිරි මුදල් ලබා දීමට ඉන්දුනීසියානු රජය එකඟත්වය පළ කළේය .

පහර කෑමට ලක්වූ අවුරුදු 41ක් වයසැති නුරා අල් ගරිබ් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා මරණ දණ්ඩනයට නියම වී සිටින සතීනා පවසා ඇත්තේ තම ස්වාමි දුව ප්‍රචණ්ඩකාරී වූ නිසා මෙම පහරදීම සිදු කළ බවයි.

රජය ඉතිරි මුදල ලබා දීම සඳහා මහජන මුදල් යොදාගැනීම සම්බන්ධයෙන් සමහර ඉන්දුනීසියානුවන් විරෝධතාව ප්‍රකාශ කර තිබේ.