MH 370 සොයා මුහුදු පත්ල පීරා යාමේ තැතක්

Image copyright b

MH 370 අතුරුදහන් මැලේසියානු බෝයිං යානය සෙවීමේ මෙහෙයුමෙහි නිරත කණ්ඩායම් නව සෝදිසි අදියරකට පිවිස ඇති බව වාර්තා වෙයි.

මෙම නව අදියරේදී සිදු කෙරෙන්නේ අතුරුදහන් වූ යානයේ තොරතුරු පටිගත කෙරෙන උපකරණ මගින් නිකුත් කෙරෙන සංඥා සොයා දිය යට සෝදිසි කිරීමයි.

යානය සෙවීමේ මෙහෙයුමට නායකත්වය දෙන ඕස්ට්‍රේලියානු නිලධාරීන් අදහස් දක්වමින් කියා සිටියේ, විද්‍යුත් ගවේෂණ උපකරණ වලින් සමන්විත නැව් දෙකක් කිලෝමීටර් දෙසිය හතළිහක සාගර කලාපයක මුහුදු පත්ල ගවේෂණය කරන බවයි.

MH 370 ගුවන් යානය අතුරුදහන් වී දැනට සති හතරකට ආසන්න කාලයක් ගත වී ඇතත් ඊට සිදු වූ දෙය තවමත් අභිරහසක මට්ටමිනුයි පවතින්නේ.

අද,සිකුරාදා සෝදිසි මෙහෙයුමට ගුවන් යානා දාහතරක් සහ නැව් නවයක් යොදවන බවත් නිවේදනය කෙරිණ.

Image copyright US Navy

සෝදිසි කණ්ඩායම් පවසන්නේ අතුරුදහන් යානයේ සුංබුන් ඉන්දියානු සාගර කලාපයෙන් සොයා ගැනීමේ විශාල ඉඩකඩක් ඇති බව තමන් තවමත් විශ්වාස කරන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර