ඇෆ්ගනිස්තානයේ දෙවැනි වටයේ ඡන්ද විමසීමකට ඉල්ලීමක්

  • 2014 අප්‍රේල් 8
Image copyright kk

තමන්ගෙන් කිසිවකුට තීරණාත්මක බහුතර ඡන්දයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් දෙවැනි වටයේ ඡන්ද විමසීමක් සිදු කළ යුතු බවට ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයෝ දෙදෙනා කියා සිටිති.

ඉකුත් සතියේ පැවතී ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම දැන් සිදු කෙරෙමින් තිබේ.

ඇෆ්ගනිස්තාන ජනතාවට ඡන්ද ප්‍රකාශ කිරීමට තවත් අවස්ථාවක් ලබා දිය යුතු බව හිටපු විදේශ ඇමති අබ්දුල්ලා අබ්දුල්ලා බීබීසි යට පැවසුවේය.

ඔහු සහ හිටපු මුදල් ඇමති අශ්රෆ් ඝානි කියා සිටින්නේ ඔවුන් දෙදෙනාම ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින බවයි.

ජනාධිපතිවරණයේ පළමු වටය අවසන් වුනේ තාලිබාන් සංවිධානයේ විශාල බාධා කිරීමකින් තොරවයි.

එහෙත් සාමාන්‍යයෙන් තාලිබාන් ප්‍රහාර උත්සන්න වීමක් දක්නට ලැබෙන මැයි මාසයේ පැවැත්වෙන දෙවැනි වටයේ ඡන්ද විමසීමක දී ඇතිවිය හැකි ආරක්ෂක ගැටළු පිළිබඳව අවධානය පල වී තිබේ.