'මාස නවයේ බිළිඳෙකු උසාවි කැඳවීම නොකළ යුතුයි'

Image copyright AFP
Image caption මාස නවයේ බිළිඳාගෙන් ඇඟිලි සළකුණු ගනිමින්

මිනී මැරීමට උත්සාහ දැරූ බවට චෝදනා ගොනු කර මාස නවයක බිළිඳෙකු සමඟ ඉදිරිපත් කල නඩුව අධිකරණය වෙත ගෙන ඒම නොකළ යුතුව තිබූ බව පකිස්තානයේ ලාහෝර් නුවර පොලිසිය පවසයි.

විදුලි බලය සහ ගෑස් සැපයුම පිළිබඳව ඇති වූ වචන හුවමාරුවකින් පසු මෙම බිලිඳා ඇතුළු සිය පවුලම පසුගිය සතියේදී උසාවියට ගෙන එන ලද්දේ පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා නගමින්.

ඇප මත නිදහස් කර ඇති මෙම මාස නවයේ බිලිඳා ලබන සෙනසුරාදා යළි උසාවියේ පෙනී සිටිය යුතුයි.

පකිස්තානු පොලිස් ප්‍රධානියෙකු බීබීසීයට කියා ඇත්තේ මෙවැනි බිළිඳෙකු උසාවියට කැඳවිය යුතු නැති අතර පරීක්ෂණය මෙහෙය වූ නිලධාරියාට එරෙහිව පියවර ගෙන ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර