“දිලිසෙන මාවතේ” විසි හතරක් අත්අඩංගුවට

Image copyright Reuters
Image caption ජනාධිපති හුමාලා ගේ ඥාති සහෝදරයෙක් වන වෝල්ටර් හුමාලා ද ඒඅතර සිටින බවයි පැවසෙන්නේ

හමුදාව සහ පොලීසිය විසින් කරන ලද සෝදිසි මෙහෙයුමක දී “දිලිසෙන මාවත”(Shining Path) නමැති අවි ගත් සටන්කාමී සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පීරු ජනාධිපති ඕලන්ටා හුමාලා පැවසුවේය.

දිලිසෙන මාවත සංවිධානයේ දේශපාලන අංශයේ නායකයන් දෙදෙනෙකු වන ඇල්ෆ්රෙදෝ ක්රෙස්පෝ සහ මැනුවෙල් ගුස්මාන් ද ඒ අතර සිටින බවයි සඳහන් වන්නේ.

ඔවුන් දෙදෙනා එම සංවිධානයේ නිර්මාතෘ ඇබිමෙල් ගුස්මාන් ගේ නීතිඥයන් ලෙස කටයුතු කරන අය වන අතර 1992 දී අල්ලා ගනු ලැබූ ඇබිමෙල් සිරගතවී සිටියි.

කැරළිගැසීම් හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා කරමින් සිටි මාවෝ වාදී සංවිධානයක් වන “දිලිසෙන මාවත”(සෙන්දෙරෝ ලුමිනොසෝ) 1990ගණන් වලදී මුළුමනින් පරාජය කරනු ලැබුව ද ඉතිරිවූ ඇතැම් සාමාජිකයන් කොකේන් මත්ද්‍රව්‍ය වෙළඳාමට සම්බන්ධ බවටයි සැක කරනු ලැබ ඇත්තේ.

ත්‍රස්තවාදී ක්‍රියා කිරීම, ඒ සඳහා මුදල් යෙදවීම හා මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැනි චෝදනා යටතේ මෙසේ අත් අඩංගුවට පත්වූවන් අතර ජනාධිපති හුමාලා ගේ ඥාති සහෝදරයෙක් වන වෝල්ටර් හුමාලා ද සිටින බව ට පළවන මාධ්‍ය වාර්තා ජනාධිපතිවරයා විසින් ස්ථිර කර නැත.