බුරුම මාධ්‍යවේදීන් සිරගත කිරීමට විරෝධය

Image copyright Nga
Image caption නිලධාරියකුට බාධා කළ බවට චෝදනා කරමින් මාධ්‍යවේදියකු බන්ධනාගාරගත කොට තිබේ

මාධ්‍යවේදීන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට විරෝධය පාමින් බුරුමයේ පෞද්ගලික පුවත්පත් ගණනාවක් සිය මුල් පිටුව කළු පාටින් මුද්‍රණය කොට තිබිණ.

බුරුම ප්‍රජාතන්ත්‍රවාදී හඬ නම් පුවත්පතේ සේවය කරන මාධ්‍යවේදියකු පසුගිය සඳුදා බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුවයි, බුරුම ජනමාධ්‍ය එම විරෝධය පළ කළේ.

බුරුමයේ අධ්‍යාපනය පිළිබඳ වාර්තාවක් සකස් කරමින් සිටින අතරවාරයේ පරිපාලන සේවා නිලධාරියකුට බාධා කළ බවට චෝදනා ලැබූ මාධ්‍යවේදී සෝ පේ ට වසරක සිර දඬුවමක් නියම කෙරිණ.

එම අවස්ථාවේ මාධ්‍යවේදියා සමඟ සිටි ශිෂ්‍යයකුගේ පියාටද සිරදඬුවම් නියම කෙරිණ.

ඔවුන් දෙදෙනාට සිරදඬුවම් නියම කිරීම පිළිබඳව දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ සංවිධානය බරපතල විරෝධය පළ කොට තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර