යානය සෙවීමට රොබෝ සබ්මැරිනයක්

Image copyright AP
Image caption රොබෝ සබ්මැරීනයෙන් මුහුදු පතුලේ ත්‍රිමාන රූප

අතුරුදහන් වූ ගුවන් යානය සොයා ගැනීම සඳහා ප්‍රථම වතාවට රොබෝ සබ්මැරීනයක් යොදා ගැනීමට තීරණය කර තිබේ.

මෙම රොබෝ සබ්මැරීනය මගින් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූ බවට විශ්වාස කෙරෙන සංඥා තරංග ග්‍රහණය කර ගත් ප්‍රදේශයේ මුහුදු පතුල නිරීක්ෂණය කෙරෙයි.

අප්‍රේල් අට වැනිදායින් පසුව මෙවැනි සංඥා ධ්වනි තරංග හසු කර ගත් බවට වාර්තා වී නැත.

යානයේ කළු පෙට්ටියේ පවතින බැටරිවල ජීව කාලය මේ වන විට අවසන් වී තිබිය හැකි බවයි මෙහෙයුම් සම්බන්ධීකාරක ඇන්ගස් හූස්ටන් කියා සිටියේ.

තෙල් පැල්ලමක්

දැනට සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙන සාගර කලාපයේ දිය මත තෙල් පැල්ලමක් ද පවතින බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

නමුත් මෙම තෙල් MH370 යානයෙන් පිට වූයේද යන්න තහවුරු කර ගැනීම සඳහා තව දින කිහිපයක් ගත විය හැකි බව බලධාරීහු පවසති.

MH370 මැලේසියානු ගුවන් යානය ක්වාලාලම්පුර් සිට බීජිං නුවර බලා පියාසර කරමින් සිටියදී අතුරුදහන් වූයේ මාර්තු අට වැනිදායි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර