ශ්‍රී ලාංකික බීබීසී මාධ්‍යවේදියාට පිළිකාවක්

බීබීසී ආයතනයට සේවය කරන ප්‍රසිද්ධ මාධ්‍යවේදියකු වන ශ්‍රී ලංකාවේ උපත ලද ජෝර්ජ් අලගයියා පිළිකා රෝගයකින් පෙලෙන බව බීබීසීය නිවේදනය කළා.

ප්‍රවෘත්ති නිවේදකයෙකු වශයෙන් ලොව නමක් දිනා ගත් ජෝර්ජ් අලගයියා උපත ලැබුවේ මඩකලපුවේ.

ප්‍රතිකාර ලබා ගන්නා කාලය තුළ මාධ්‍ය කටයුතුවලින් ඉවත් වී සිටීමට ඔහු තීරණය කර ඇති බවයි බීබීසීය නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් වන්නේ.

පසුගිය පොදුරාජ්‍ය මණ්ඩල නායකහමුව කොළඹදී පැවැත්වුණු අවස්ථාවේදී ජෝර්ජ් අලගයියා කොළඹ සිට එම සමුළුවෙ කටයුතු බීබීසී ලෝක සේවයට වර්තාකරනලදී

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර