පැහැරගත් සිසුවියන් මුදා ගැනීමේ මෙහෙයුමක්

Image copyright afp

මේ සතියේ සඳුදා, සියයකට අධික සිසුවියන් පැහැර ගනු ලැබුන නයිජීරියානු පාසලේ මුල් ගුරුතුමිය ආණ්ඩුවේ බලධාරීන් අමතමින් සිය සිසුවියන් බේරා ගැනීම සහතික කර ගැනීම සඳහා තවත් ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා සිටියාය .

එම පාසල් දැරියන් පැහැර ගනිමින් රඳවා ගෙන සිටින කණ්ඩායමෙන් ද මුල් ගුරුතුමිය ඉල්ලා සිටින්නේ,ඔවුන්ට දයාව දක්වන ලෙසයි.

එම පැහැර ගැනීම සිදු කරනු ලැබ ඇත්තේ ‘බෝකෝ හරාම්’ ඉස්ලාමීය ගරිල්ලන් යයි සැලකෙයි.

'දයාව දක්වන්න'

Image caption බෝර්කෝ හරාම් ඉස්ලාමීය ගරිල්ලෝ

සිද්ධිය වාර්තා වෙන ‘බෝර්නෝ’ ප්‍රාන්තයේ අධ්‍යාපන කොමසාරිස්වරයා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, සිසුවියන් හතලිස් හතර දෙනෙක් ඔවුන් පැහැර ගත්තවුන්ගෙන් පළා ඒමට සමත් වූ බවයි.

එහෙත් තවත් දැරියන් අසූ පස් දෙනකු තවමත් අතුරුදහන් වී සිටින බවයි, ‘බෝර්නෝ’ ප්‍රාන්තයේ අධ්‍යාපන කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසන්නේ.

එහෙත් දෙමව්පියන්ට අනුව අතුරුදහන් සිසුවියන්ගේ ගණන ඊට වැඩියි.

නයිජීරියානු ආරක්ෂක හමුදාව ,වෙනත් ස්වේච්ඡා කණ්ඩායම් සහ දෙමව්පියන් දිගටම ළමුන් සොයා ගැනීමේ මෙහෙයුමෙහි නිරතවයි සිටින්නේ.