රෝගියාගේ කුසෙන් රත්ත්‍රන් මතුවෙයි

Image copyright
Image caption කුස තුල තිබූ ග්‍රෑම් හාරසීයක් පමණ වන රත්‍රන් පොලු වෛද්‍යවරුන්ට හමු වී තිබේ

රෝගියෙකුගේ කුස තුළ තිබී රත්ත්‍රන් පොලු දොළහක් ශල්‍යකර්මයකදී හමුවූ බව ඉන්දියාවේ ශල්‍ය වෛද්‍යවරයෙක් පවසයි.

ශල්‍යකර්මයට භාජනය වූ, හැට තුන්වන වියෙහි පසුවන රෝගියා රෝහලට ඇතුලත් කර ඇත්තේ වමනය සහ මළ පහ සිදුකිරීමට ඇතිවූ අපහසු තත්වය හේතුවෙන්.

සිය බිරිඳත් සමග ඇතිවූ ආරවුලක් නිසා කෝපයට පත්ව බෝතල් මූඩියක් ගිල දැමූ නිසා මේ රෝග ලක්ෂණ ඇති වූ බවයි, රෝගියා විසින් වෛද්‍යවරයාට පවසා තිබෙන්නේ.

ඉන්පසුව රෝගියා ශල්‍යකර්මය සඳහා භාජනය කොට තිබේ. බෝතල් මූඩිය වෙනුවට කුස තුල තිබූ ග්‍රෑම් හාරසීයක් පමණ වන රත්‍රන් පොලු වෛද්‍යවරුන්ට හමු වී තිබෙන්නේ එහිදීයි.

පොලිසිය සහ රේගුව ඔහුගෙන් කට උත්තර ලබා ගැනීමෙන් අනතුරුව සොයා ගැනුණු රත්ත්‍රන් පොලු රාජ සන්තක කර තිබේ.

ලෝකයේ රත්ත්‍රන් සදහා වැඩිම ඉල්ලුම ඇති රටවල් අතරින් ඉහළින්ම සිටින රට ඉන්දියාවයි.

එම තත්වය පාලනය කිරීමට ආනයනිත ලෝහ වෙනුවෙන් ගෙවන බදු මුදල් ඉහළ දැමීම මේ අන්දමින් වාර්තා ගත ආකාරයට රත්ත්‍රන් හා ලෝහ ජාවාරම් වැඩිවීමට හේතුව වී තිබේ.

ශල්‍යකර්මය මෙහෙය වූ දිල්ලි නුවර ශ්‍රී ගංගා රාම් රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සී එස් රාමචන්ද්‍රන් ප්‍රකාශ කළේ ඔහු මීට පෙර රෝගීන්ගේ කුස තුල තිබී කිලෝවක් පමණ බරින් යුතු මුත්‍රාශ ගල් සොයා ගෙන ඇතත් රෝගියෙකුගේ කුස තුලින් රත්ත්‍රන් සොයා ගැනීම විශ්වාස කිරීමට පවා නොහැකි කරුණක් බවයි.