යුක්රේන නව නායකයන්ට ඇමෙරිකානු සහය

Image copyright AP

ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් (Joe Biden) කිෆ් (Kiev) නගරයේදී යුක්රේන නව නායකයන් මුණ ගැසීමට පැමිණ සිටී.

මෙම සංචාරය අන්තර් වාර රජයට ඇමරිකාවේ සහය දැක්වීම අරමුණු කර ගත් එකක් ලෙසටයි හැඳින්වෙන්නේ.

ඇමරිකාවත් රුසියාවත් සඳුදා එකිනෙකාට චෝදනා කර ගත්තේ යුක්රේන අර්බුදය මැඩපැවැත්වීමට අපොහොසත් වූ බව පවසමින්.

ගැටුම්කාරී තත්වය අවම කර ගැනීමේ අටියෙන් ඉකුත් සතියේ අත්සන් තැබූ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අසමත් වූ බවට රුසියාව යුක්රේන රජයට චෝදනා එල්ල කොට තිබේ.

මේ අතර, යුක්රේනයේ නැගෙනහිරින් පිහිටි ස්ලෝවියාන්ස්ක් (Sloviansk) නගරයේ පිහිටි රුසියාවට පක්ෂපාතී මුර කපොල්ලක් අසල එල්ලවූ ප්‍රහාරයකින් මිය ගිය තිදෙනකුගේ අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට නියමිතයි