ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පකිස්ථානයේ ප්‍රහාර දෙකකින් නව දෙනෙක් මරුට

පකිස්ථානයේ වයඹ දිග ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් සහ වෙඩි තැබීමකින් නම දෙනෙකු පමණ මිය ගිය බව එරට බලධාරීහු පවසති.

ස්ථාන දෙකකදී සිදු වූ මෙම ප්‍රහාරයන් දෙකම සැලසුම් කර ඇත්තේ පොලිස් වාහන ඉලක්ක කර ගෙන.

මාර්තු මාසයේ ආරම්භ වූ සටන් විරාමය දීර්ඝ කිරීම පකිස්තානු තාලිබාන් කැරලිකරුවන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

නමුත් පකිස්තානු රජය සමඟ සිදු කෙරෙන සාම සාකච්ඡා සඳහා දිගටම කැප වී සිටින බවයි තාලිබාන් කැරලිකරුවන් පවසන්නේ.