ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ට්‍රාන්ස්ජෙන්ඩර්' කාන්තාව ඉන්දීය මැතිවරණයට

Image caption ස්ත්‍රියක ලෙස ලිංගිකත්වය තෝරාගෙන සිටින භාරතී කන්නම්මා

ඉන්දීය මහා මැතිවරණයේ තවත් වටයක ඡන්ද ව්‍යාපාරය අදින් අවසන් වෙයි.

ප්‍රාන්ත රාජ්‍ය දොළහක, ඡන්ද කොට්ඨාශ එකසිය දාහතක ජන්ද ප්‍රකාශ කිරීම ආරම්භවන්නේ ලබන බ්‍රහස්පතින්දා යි.

පාලක කොන්ග්‍රස් පක්ෂයේ රහුල් ගාන්ධි සහ හින්දු ජාතිකවාදී, භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩි අගමැතිධුරය සඳහා තරඟ වදින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනායි.

ප්‍රාදේශීය පක්ෂවල මෙන්ම ස්වාධීන අපේක්ෂකයන් රැසක්ද මැතිවරණයට ඉදිරිපත්වී සිටිති.

තමිල්නාඩුවේ මදුරෙයි නගරයෙන් තරඟ කරන ට්‍රාන්ස්ජෙන්ඩර් නමින් ඉංග්‍රීසි බසින් හැඳින්වෙන, තමන් විසින්ම ස්ත්‍රියක ලෙස ලිංගිකත්වය තෝරාගෙන සිටින භාරතී කන්නම්මා ද මේ අතර වෙයි.