ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දරුණු කුණාටුවකින් එක්සත් ජනපදයට දැඩි හානි

ඇමරිකාවේ මධ්‍යම හා දකුණු ප්‍රාන්ත හරහා හමා ගිය දරුණු කුණාටුවකට හසු වීමෙන් පුද්ගලයන් දාහත් දෙනෙකු මරණයට පත් වූ බව වාර්තා වෙයි.

මරණයට පත්ව තිබෙන්නේ ආර්කන්සාස් ප්‍රාන්තයේ පුද්ගලයන් දාසය දෙනකු සහ ඔක්ලහෝමා ප්‍රාන්තයේ පුද්ගලයෙකි.

ප්‍රදේශයේ බලධාරීන් කුණාටුවට හසුවූ ප්‍රදේශ නිරීක්ෂණය කරමින් විපතට පත් වූවන් සෙවීමේ මෙහෙයුම් වල නිරතව සිටින බව ආර්කන්සාස් හදිසි අනතුරු කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මහජන තොරතුරු ඒකකයේ නිලධාරී බ්රැන්ඩන් මොරිස් පවසයි.

ප්‍රදේශවල ගොඩනැගිලි ඇතුළු දේපළ වලට කුණාටුවෙන් දැඩි හානි සිදුවී ඇති අතර, විපතට පත් පෙදෙස් බොහොමයක ගස් උදුරා වැටීම හේතුවෙන් විදුලිය පහසුකම් ඇනහිට තිබේ.

පවතින හදිසි ආපදා තත්වය පිළිබද වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, විපතට පත් ප්‍රදේශයන්හි මෙහෙයුම් කටයුතු වල නිරත නිලධාරීන් මේ වන විට අනතුරු කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත නිවැරදි තොරතුරු ලබා දෙන බවයි.

පිලිපීනයේ සංචාරයක යෙදෙන එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා, විපතට පත් පවුල් වෙත ඔහුගේ දැඩි කනගාටුව ප්‍රකාශ කළ අතර කුණාටුවෙන් දුෂ්කර තත්වයකට පත්ව සිටින ජනතාව යථා තත්වයට පැමිණෙන තුරු රටේ ජනතාව ඔවුන් හා එක්ව සිටින බවයි කියා සිටියේ.