රුසියානු නියෝජ්‍ය අගමැතිවරයාට එරෙහි සම්බාධක

Image copyright RIA Novosti
Image caption රුසියානු නියෝජ්‍ය අගමැති දිමිත්‍රි කොසැක් ඇතුළු පහළොස් දෙනකුට එරෙහිව සම්බාධක

යුරෝපා සංගමය රුසියානු නියෝජ්‍ය අගමැතිවරයා ඇතුළු පහළොස් දෙනකුට එරෙහිව සම්බාධක පනවයි.

තම රට අස්ථාවර කිරීමට උත්සාහ දරන බවට යුක්රේනය විශ්වාස කරන පුද්ගලයන්ට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ග ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙනුයි සම්බාධක පැනවීමට පියවර ගනු ලැබුවේ.

රුසියානු යුද හමුදා ප්‍රධානියාට සහ රුසියානු බුද්ධි අංශ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට එරෙහිව සම්බාධක පැනවීම ඉලක්ක කොට ඇත.

සම්බාධක පැනවීම ඉලක්ක කෙරෙන පුද්ගලයන් අතර නැගෙනහිර යුක්රේනයේ රාජ්‍ය විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ යුක්රේනියානු බෙදුම්වාදීන්ද සිටින බවට වාර්තා වෙයි.

වත්කම් අත්හිටුවීම

එහෙත් ඇමරිකා එක්සත් ජනපදය සඳුදා නිකුත් කළ සම්බාධක පැනවූ ලැයිස්තුවට ඇතුළත් ප්‍රධාන පෙළේ කර්මාන්තකරුවන් සහ සමාගම් අයිතිකරුවන් වැනි පුද්ගලයන් යුරෝපා සංගමයේ ලැයිස්තුවට ඇතුළත් නොවෙයි.

එසේම යුරෝපීය සංගමයේ ලැයිස්තුවේ සිටින පුද්ගලයන්ගේ වත්කම් අත්හිටුවීමට හැකියාව තිබේද ඒවා යුරෝපා සංගමයට අයත් රටවල ඇත්ද යන්න පිළිබඳව පැහැදිලික්මක්ද නොමැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර